Friday 16 August 2019

How to increase your battery life

දැන් හැමෝටම තියෙනවනෙ smart phone එකක්.ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා මේ ඉක්මනට battery බහින එක.හැමෝටම මෙහෙම අත්දැකීම් ඇති.ඔයාල ෆෝන් එක ගත්ත අලුත battery ගොඩක් වෙලා හිටිනව.හැබැයි කල් යද්දි ඉක්මනට battery බහින්න ගන්නවා.
මේ වැඩේ වලක්වගන්න පියවර ටිකක් තමා අද කියන්න යන්නෙ.

1.ෆෝන් එක over charge කරන්න එපා.

ඒ කියන්නෙ ඔයාගෙ ෆෝන් එක 100%ක් charge උනාට පස්සෙ තව දුරටත් charger එකට ගහල නං බැටරිය  over charge වෙනව.මේක තමා බැටරියක කල් පැවැත්ම අඩුවෙන්න ප්‍රදාන හේතුව.

2.බැටරිය 20%ක් විතර වෙද්දි පුලුවන් නං charge එකට ගහන්න.

‌ඊට අඩු වෙද්දි බැටරිය රත් වෙන්න් බලනව වැඩී.රත් වෙද්දි වෙන දේවල් පහලින් තියෙනව.

3.ඉතා උනුසුම් පරිසර වල ඉන්න එපා.

රත්වීම කියන්නෙ ඔයගෙ බැටරියට හානි වෙන්න පුලුවන් ලේසිම ක්‍රමයක්.ඉතින් ඒක නිසා අධික රස්නයක් තියෙන තැන් වලට ජංගම දුරකතනය රැගෙන නොයාමට වග බලා ගන්න.

4.අධික සීතල පරිසර වල ඉන්න එපා.

කලින් කිව්ව දේම අනිත් පැත්ත.අධික රස්නය වගේම අධික සීතල කියන්නෙත් බැටරියට හිතකර දෙයක් නෙමේ.

5.අධික හිරු එලියේ නිරාවරණය වෙන පරිදි දුරකථනය භාවිතා කරන්න එපා.

අධික හිරු එලියට නිරාවරණය වෙලා භාවිතා කිරීමේදී වෙන්නෙ display එකට වැටෙන හිරු එලියෙන් යම් ප්‍රමාණයක් මගින් බැටරිය රත් වීමක් සිද්දවීමයි.මෙයත් එතරම් හොද දෙයක් නෙමේ.පුලුවන් නං සෑමවිටම සෙවන තියෙන තැනකට වෙලා භාවිතා කරන්න.

6.ෆෝන් එක රත් වෙලා නම් බැක්කවර් එක් ඉවත් කරන්න.

අපි වැඩ කරනකොට ෆෝන් එක රත් වෙනවනෙ සමහර වෙලාවට.මේ වගේ වෙලාවට පුලුවන් නං බැක් කවර් එක ගලවන්න.මොකද එක අතකට ඒකෙන් බැටරියට cooldown වෙන්න පහසු වෙනව.ඒ වගේම බැක්කවර් එක නිසා රත් වෙන එකත් වලකිනව.

7.ඔබේ ලොක් ස්ක්‍රීන් එකට කලුසුදු චායාරූපයක් යොදාගන්න.

අපි ෆෝන් එකෙන් වෙලාව බැලුවත් මැසේජ් ආවත් අපේ ලොක් ස්ක්‍රීන් එක ඔන් වෙනව.ඉතින් මේකට බැටරියෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වැය වෙනව.මේකෙදි ඔබේ ලොක්ස්ක්‍රීන් එකේ චායාරූපය කලුසුදු එකක් නං සිද්දවෙන බැටරි වැයවීම අවම එකක් වෙනව.

ඉතින් මේ වගේ ඔයාල නොදැන හිටපු හැබැයි සරල කරුණු ටිකක් තමා ඔයාගෙ බැටරියේ ආයුකාලය අඩුකරන්න දායක වෙන්නෙ.
ඊලග පෝස්ට් එකෙන් හම්බෙමු.
ජයවේවා..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...