ඔන්න දැන් ඉතින් ඔයාලා හිතනවා ඇති FB Chat කරන්න කොච්චර Softwares තියෙනවද කියලා.හැබැයි මේ මම අද කියන්න යන්නේ FaceBook ආයතනය විසින් හදුන්වා දුන් Massenger ගැනයි.
මේ පහසුකම මීට පෙර ලබා දීලා තිබ්බේ Phone වලට සහ Tab යන උපාංග වලට පමණයි.මේ වන විට ඒ පහසුකම පරිගණකයටත් ලබා දෙන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා.
හැබැයි මේක අපි හිතන විදිහේ Software එකක් නම් නෙමේ.මෙවර ඔව්න් හදුන්වා දෙන්නේ Massenger හරහා Chat කිරීමට වෙනම වෙබ් අඩවියකුයි.මොකද ඉතින් Massenger Software එකක් පරිගණකයේ Install කරනවා කියන්නේ අපේ පරිගණකය පොඩ්ඩක් හරි slow වෙනවනේ.මං හිතන්නේ FaceBook සමාගම මේ ගැනත් පොඩ්ඩක් හරි හිතන්න ඇති.
ඒ වුනාට මේ වෙබ් අඩවියෙත් එපමණ වෙනසක් නෑ.මෙතුලින් අපිට විවිධ Stickers එහෙම යවන්න පුළුවන්කම තියෙනවා.තව Video Call ගැනීමේ පහසුකනුත් සලසාදීලා තියෙනවා.
ඔන්න ඔයාලත් මෙතනින් පිවිසේන්නකෝ..............
No comments:
Post a Comment