ශ්රී ලංකාවේ කවුරුත් දැන් මේ චිත්රපටය ගැන දන්නවා.මොකද මෙම චිත්රපටය තමා මේ පාර දෙසැම්බර් 31 වෙනිදාට හිරු ටීවී විසින් ප්රදර්ශනය කරන්නේ..ඉතින් අපි දෙසැම්බර් 31ට කලින් ම බලමු.වැඩි කතා ඕනේ නෑ..කතාව ගැන කියන්නම්කෝ...
බෑන්ග් බෑන්ග් චිත්රපටයට මෙම නම භාවිතා කරල තියෙන්නෙ එහි
තියන ක්රියාදාම පිරුණු ස්වභාවය හේතුවෙන් ඒ වගේම ලස්සන ආදර කතාවකුත් ගලාගෙන
යනවා චිත්ර පටයත් එක්ක. ඒ වගේම ලස්සනම ගීත හතරකින් මෙම චිත්රපටය සමන්විත
වෙනවා.
මෙම චිත්රපටය අධ්යක්ෂණය කරල තියෙන්නෙ සිද්දාර්ත් ආනන්ද්
විසින් මෙය Knight and Day කියන හොලිවුඩ් චිත්රපටයේ ප්රති නිර්මාණයක්.
ප්රාධාන නළුවා වෙන්නෙ සුප්රසිද්ධ රිතික් රොෂන් ඒ වගේම ප්රධාන නිළිය
කත්රිනා කයිෆ්. ඒ වගේම විශේෂයෙන්ම මේකෙ නර්තනයන් නම් අති විශිෂ්ට බව
කියන්න ඕන රිතික්ගේ නැටුම් ගැන කොහොමත් හැමෝම දන්නවනේ...
චිත්රපටය ආරම්භ වන්නේ ඔමාර් සෆර් නම් ත්රස්තවාදියාව ලන්ඩන් වල කොටු කරගෙන තිබෙන අවස්තාවක ඉන්දියාවේ සිට කර්නල් නන්දා නම් හමුදා නිළධාරියෙක් පැමිණෙනවා ඒත් ඔහුට අපරාධකරුව තමන්ගෙ රටට ගෙනියන්න ලැබෙන්නෙ නෑ මොකද ඒක ඔමාර් සෆර්ගේ සැලැස්මකට සිදු වුනු දෙයක් නිසා ඔහු කර්නල් නන්දාව මරල දානවා මරන්න කලින් කර්නල් නන්දා අපරාධකරුවන් මවුබිමට යැවීමේ ගිවිසුමක් ගැන ඔමාර් සෆර්ට කියනවා. මේ ගිවිසුම ඇති වුනොත් සෆර්ට අවාසි වෙන හින්දා රටවල් දෙක බේද කරන්න ඔහු සැලස්මක් ක්රියාත්මක කරනවා..ලන්ඩන් වල අධි ආරක්ෂාව යටතේ තියන ඉන්දියානු පැරණි පාලකයන්ට අයත්වෙලා තිබුණු කොහිනූර් නම් දියමන්තිය හොරකන් කරන එක තමයි මේ සැලැස්ම. එවිට රටවල් දෙක බේද වෙන හින්දා. ඒත් මේ දියමන්තිය හොරකන් කරන එක ලේසි පහසු දෙයක් නෙමෙයි ඒ හින්ද ඔමාර් කරන්නෙ මේ දියමන්තිය හොරකන් කරන කෙනාට තෑගි මුදලක් දෙනවා කියල ප්රචාරය කරන එක...ඊට පස්සෙ කෙනෙක් ඒක හොරකන් කරනවා ඔමාර් හිතුව විදියටම ගිවිසුම අවුල් වෙනවා ඒත් ඔමාර් සල්ලිත් එක්ක මිනිස්සු යැවුවාම මේ හොරාව හමුවෙලා සල්ලි දීලා දියමන්තිය අරගෙන එන්න කියලා ඔහු දියමන්තිය දෙන්නෙ නෑ..ඒ වගේමයි මේ දියමන්තිය තිබුණු තැන කාටවත් කඩන්න බැරි විදියෙ ගොඩක් ආරක්ෂිත තැනක්...මේ හොරාගෙ චරිතය රාජ්වීර්.. එම පුද්ගලයා විදියට තමයි රිතික් රඟපාන්නෙ. කත්රිනාගේ චරිතය හලීන්.. ඇය තම මිත්තනියත් සමග සරල ජීවිතයක් ගත කරන කෙනෙක්. නමුත් ඇයට Truelove.com කියල වෙබ් අඩවියක් දැනගන්න ලැබෙනවා ඒකෙන් කරන්නෙ පිරිමි අය සහ ගැහැණු අය මුණගස්වන එක. හලීන් ඉතින් තනියම ඉන්න කෙනෙක් හින්දා මේකෙ ලියාපදිංචිව් වෙනවා. ඒකෙන් විකී කියල කෙනෙක් හමුවෙන්න හලීන් යන්වා අවන්හලකට..ඒත් එතනට විකී ලෙස යන්නෙ රාජ්වීර්.. මේ අතර පොලිසිය සහ ඔමාර්ගෙ මැරයන් රාජ්වීර් පසුපස යනවා.ඉතින් හලීන්ටත් රාජ්වීර් හොන්දා මේකට මැදි වෙන්න වෙනවා..
තවත් මේ චිත්රපටය ගැන මම කියන්න යන්නේ නෑ.ඉතුරු ටික ඔයාලා Download කර ගෙනම බලන්නකෝ....
එහෙනම් ඉතින් තවත් අලුත් Film එකක් සමග නැවත හමුවෙමු..............
(මෙහි ඇති link click කිරීමේ දී ලැබෙන වෙබ් පිටුවේ තත්පර 5ක් රැඳී සිට දකුණු පස ඇති Skip Ad යන්න click කරන්න.)
(මෙහි ඇති link click කිරීමේ දී ලැබෙන වෙබ් පිටුවේ තත්පර 5ක් රැඳී සිට දකුණු පස ඇති Skip Ad යන්න click කරන්න.)
No comments:
Post a Comment