පරිගණක භාවිතා කරන හැමෝම අනිවාර්යෙන්ම සිංහල ටයිප් කරලා ඇති.හැබැයි ඔයාලට ඒ වැඩේ එපා උනා නේද?ඒ මොකද කියනවනම් බොහෝ දෙනාට මේ සිංහල කීබෝර්ඩ් එක හුරු නැහැනේ....
මන් අද කියන්නේ ඒ සිංහලෙන් ටයිප් කිරීමට ගුගල් සමාගම විසින් හදුන්වා දී ඇති ක්‍රමය ගැනයි.ඒ වගේම ගුගල් සමාගම ලංකාව වැනි පුංචි රටක් පිලිබදව මෙසේඅවදානය යොමු කිරීමත් පුදුමයට කරුණක්.කෙසේ හෝ ගුගල් සමාගම මෙම ක්‍රමය බොහෝ රටවල භාෂා ටයිප් කිරීම සදහා හදුන්වා දී තිබෙනවා.එසේ හදුන්ව දුන් රටවල් අතරින් ලංකාවත් එක් රටක්.
මෙම ක්රමයේ හදුන්වා දෙන්නේ Google Input Tools ලෙසයි.මෙය බෙහෙවින් උපකාරී වන්නේ කාර්යාල වල සේවයේ නිරත පුද්ගලයන්ටයි.මොකද කියනවනම් ඔවුන් සිංහල ටයිප් කරනු ලබන්නේ යුනිකෝඩ් භාවිතයෙන්.එය ඉතාම දුෂ්කර කාර්යක් Input Tools සමග සසදන විට.
දැන් කියන්නම් මේ Google Input Tools පිලිබදව.මෙම Tool එක යොදාගෙන ටයිප් කිරීමේදී අද ටයිප් කල යුත්තේ සිංග්ලිෂ් වලින්.එහෙම නැතිනම් සිංහල වචනය ඉංග්‍රීසි භාෂාව යොදාගෙන ටයිප් කිරීමයි.මෙන්න මෙහෙමයි,
ඔබ ෆන්කොල්ලා ලෙස ටයිප් කිරීමේදී ටයිප් කල යුත්තේ fankollaa ලෙසයි.
එසේ ටයිප් කරන විට Input Tools විසින් අපට විවිධ Suggetions ලබා දීම සිදු කරනවා.එයත් මෙම Tool එකෙහි තියෙන වාසියක් කියලා කියන්න පුළුවන්.
මුලින්ම මෙතනින් Input Tools වෙබ් පිටුවට යන්නකෝ...
දැන් විවෘත වන වෙබ් පිටුවේ දකුණු පස කොනෙහි විවිධ භාෂාවන් තිබෙනවා දක්නට ඇති.එයින් එයින් ඔබට අවශ්‍ය භාෂාවට ටික් එකක් දැමිය යුතුයි.අපිට අවශ්‍ය වෙන්නේ සිංහල භාශාවනේ.Sinhala කියන තැනට ටික් එකක් දාලා ,පහලින් ඇති Download Button එකට ඉහලින් ඇති කියලා තියෙන තැනටත් ටික් එකක් දාලා Download කියලා නිල පාටින් තියෙන Button එක ක්ලික් කරන්න.
දැන් පොඩි කිලෝබයිට් ගානක ෆයිල් එකක් Download වෙන්න ඇති.ඒ ෆයිල් එක ඕපන් කරලා Input Tools Download කරගෙන ඉන්ස්ටෝල් කර ගන්න.
දැන් ඉතින් වැඩේ හරි.මේක අත්හදා බලන්න ඕනේ නම් Note Pad එකක ටයිප් කරලා බලන්නකෝ....නියමයි නේද.මාර ලේසියි මේ Input Tools යොදාගෙන සිංහල ටයිප් කරන්න.
එහෙනම් මගේ වැඩ එවරයි දැන් තියෙන්නේ ඔයාලගේ වැඩ.........
(මෙහි ඇති link click කිරීමේ දී ලැබෙන වෙබ් පිටුවේ තත්පර 5ක් රැඳී සිට දකුණු පස ඇති Skip Ad යන්න click කරන්න.)
No comments:
Post a Comment