Torrent files download කිරීම බොහෝ දෙනා අකමැති දෙයක්.ඒ මොකද කියනවනම් එම Files download වෙන්නේ ඉතාමත් අඩු වේගයකින් නිසා.ඒ වගේම Torrent files download කිරීමට client වැඩ සටහනක් අවශ්‍ය වෙනවා.
දැන් ඔයාලා හිතනවා ඇති Client වැඩසටහනක් කියන්නේ මොකක්ද කියලා.Client වැඩසටහනක් කියන්නේ Torrent files download කිරීම සදහාම වෙන්වූ Software එකක් කිවුවොත් හරි.Software install කරනවා කියන්නේ සුළු වශයෙන් හෝ ඔබගේ පරිගණකය slow වෙනවා කියන එකනේ.ඉතින් මං අද ඔයාලට කියන්න යන්නේ මේ ගැටලුවට විසදුම.ඒ තමයි Torrent file එක Client වැඩසටහනකින් තොරව Download කිරීම.
එහෙම Download කිරීමට ලෝකයේ විවිධ වෙබ් අඩවි ඉදිරිපත් වෙලා තියෙනවා.දැන් මං කියන්නම් එම Sites ගැන.
1.Zbigz
මුලින්ම ඔයාලා මෙතනින් මේ Site එකට යන්නකෝ...ඔයාලා site එකට ගියා නම් ඉහත තියෙන Image එක වගේ වෙබ් පිටුවක් දිස් වේවි.දැන් තියෙන්නේ ඔයාලට Download කරගන්න අවශ්‍ය Item එකේ Download link එක කොපි කර ගැනීමයි.එම කොපි කර ගත්ත Link එක දැන් අර Upload torrent files කියන උඩින් Paste කරන්න.දැන් දකුණු පැත්තේ ඇති Go කියන Button එක
Click කරන්න.ටිකකින් ඔබ ලබාදුන් Link එකට අදාළ Torrent file එක Catching කියලා වැටේවි.පසුව එම File එක Zip ෆොර්මටයේ File එකක් බවට පත් කරයි.දැන් තියෙන්නේ දකුණු පැත්තේ ඇති ලින්ක් එක Click කර Download කර ගැනීමයි.
2.Putdrive
මුලින්ම ඔයාලා Putdrive වෙබ් අඩවියට යන්නකෝ
දැන් Open වන වෙබ් පිටුවේ දකුණු පස ඉහලම ඇති Register කියන එක Click කරන්න.පසුව Open වන වෙබ් පිටුවේ ඔබගේ Email එක Password එකක් සදහන් කර Create account යන්න Click කරන්න.එහෙම නැතිනම් ඔයාගේ FaceBook ගිනුමෙනුත් Account එකක් හදාගන්න පුළුවන්.
Account එකක් හදා ගත්තට පස්සේ Log in වෙන්න.Log උනාට පස්සේ ඔයාට Download කිරීමට අවශ්‍ය Torrent file එක Upload කරන්න.දැන් Next යන Button එක Click කරන්න.දැන් ඔබ ලබා දුන් ලින්ක් එකට අදාළ Torrent file එක Direct download කර ගන්න.
3.Boxopus
මෙම වෙබ් අඩවියත් ඉතාම වටිනා කාර්යක් ඉටු කරන වෙබ් අඩවියක්.මෙතනින් වෙබ් අඩවියට යන්නකෝ .......
දැන් ඔයාගේ Email ඒකෙන් හෝ FaceBook ගිනුමෙන් Register වෙන්න.
ඉහත සදහන් Image එකේ අංක එකෙන් දක්වා ඇත්තේ නව Torrent file එකක් එකතු කිරීමේ විදානයයි.ඉහත අංක දෙකෙන් දැක්වෙන්නේ ඔබ Copy කරගත් Magnet link එක හෝ Download ලින්ක් එක Paste කල යුතු තීරුවයි.මෙහි අංක තුනෙන් දක්වා ඇත්තේ ඔබ කලින් Download කරගත් Torrent file එක Upload කිරීමේ විදානයයි.
ඉහත අංක දෙක හෝ තුන ස්ථාන වලින් එකක් පමණක් පුරවා ඔබට අවශ්‍ය Torrent file එක Direct download කර ගත හැක.
4.TorrentHandler
මෙය ද තවත් හොද සහ වේගවත් වෙබ් අඩවියක්.
මුලින්ම මේ වෙබ් සයිට් එකට යන්නකෝ
ඊට පස්සේ නොමිලයේ Sign up වෙන්න.දැන් Add torrent කියන තැන Torrent file එක Upload කරන්න.ඔබ Download කරනු ලබන දෙය පිලිබදව ඔබේ Email එකට මෙම වෙබ් අඩවිය මගින් දන්වනු ලැබේ.දැන් ඔබට Torrent files Direct Download කර ගත හැක.
5.Filestream
මුලින්ම මෙම වෙබ් අඩවියට මෙතනින් යන්නකෝ....දැන් Sign up වෙන්න.ඊට පසුව Download torrent කියන Option එක Click කරන්න.
දැන් ඔබට අවශ්‍ය Torrent file එකේ Magnet link එක Paste කරන්න.නැතිනම් ඔබගේ පරිගනකයේ ඇති Torrent file එක Upload කරන්න.දැන් Download Button එක Click කරන්න.පසුව ඔබට අවශ්‍ය Torrent file එක Direct download කර ගත හෙකි වනු ඇත.
(මෙහි ඇති link click කිරීමේ දී ලැබෙන වෙබ් පිටුවේ තත්පර 5ක් රැඳී සිට දකුණු පස ඇති Skip Ad යන්න click කරන්න.)
එහෙනම් අපි ගියා.අඩුපාඩු තියෙනවනම් ඒවා පෙන්නලා දෙන්න.
No comments:
Post a Comment