Tuesday, 9 December 2014

සුපිරි ස්පීඩ් බ්‍රව්සර් එක Wyzo......

මේ බ්‍රව්සර් එක ෆයර්ෆොක්ස් පාදක කරගත් බ්‍රව්සර් එකක්.ෆයර්ෆොක්ස් පාදක කරගත් බ්‍රව්සරුත් මේ වෙනකොට ගොඩක් බිහිවෙලා තියෙනවනේ.
ඒ අතරිනුත් වේගවත්ම බ්‍රව්සර් එක තමි Wyzo කියන්නේ.බ්‍රව්සර් එක ගැන කියනවනම් මේ බ්‍රව්සර් එකේ තියෙන්නේ භාවිතයට පහසු සරල ඉන්ටර්ෆේස් එකක්.වෙබ් බ්‍රව්සරයේ මුලික සැකසුම් යටතේම සම්පුර්ණ මෙනු බාර් එක දැකගන්නට පුළුවන්.මේ නිසා වෙබ් බ්‍රව්සර් වල සම්ප්‍රදායික ආරට හුරු අයට මෙය වඩාත් පහසුවෙන් හැසිරවීමට පුළුවන්.                       


මීඩියා ෆයිල් ඩවුන්ලෝඩ් කිරීමේ විශේෂ පහසුකමක් වයිසෝ වෙබ් බ්‍රව්සරය සමග එක් කර තිබේ.එමෙන්ම මෙහි ඇති ඩවුන්ලෝඩ් අක්සලරෙටරය නිසා අමතර මෘදුකාංගයක් ඉන්ස්ටෝල් නොකර වේගයෙන් ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන්.එමෙන්ම බිට් ටොරෙන්ට් වැනි ටොරෙන්ට් ක්ලයන්ට් වැඩසටහනක් භාවිත නොකරම වුවත් ටොරෙන්ට් ෆයිල් වුවද ඩවුන්ලෝඩ් කර ගන්නට පුළුවන්.වෙබ් බ්‍රව්සරය ඉන්ස්ටෝල් කිරීමෙන් අනතුරුව Wyzo Start නම් තිරය විවෘත වෙයි.මෙය භාවිතා කර පහසුවෙන්ම අවශ්‍ය වෙබ් අඩවි ,ටොරනට් ෆයිල්,ඉමේජ් ,වීඩියෝ යනාදිය පහසුවෙන් සොයාගන්නට පුළුවන්.

මෙහි සම්මත වශයෙන් වෙබ් පිටුසෙවීම සදහා තේරී තිබෙන්නේ Yahoo සර්ච් එන්ජිමයි.ඒ වෙනුවට ඕනෑම සර්ච් එන්ජිමක් තෝරා දෙන්නට පුළුවන්.ටොරන්ට් ෆයිල් සෙවීමට අවශ්‍ය නම් Wyzo Start පිටුවෙන් Torrent යන්න තොර තිබිය යුතුයි.මෙවිට Utorrent වෙබ් අඩවිය හරහා ටොරන්ට් ෆයිල් සෙවිය හැකියි.වයිසෝ වෙබ් බ්‍රව්සර් එක හරහා ඩවුන්ලෝඩ් කිරීමට ටොරෙන්ට් ෆයිල් එකක් තෝරා ගත පසු වෙබ් බ්‍රව්සර් එකෙහි ඇති Downloads වින්ඩෝ එක වෙතට ඉබේම යොමු වෙයි.ඉන් පසුව සාමාන්‍ය ෆයිල් එකක් සේ ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙයි.මේ විදිහටම Video යන්න තොරා Youtube වීඩියෝ සොයා ගන්නටද,Image යන්න තොරා Google සර්ච් එන්ජිම හරහා චායාරුප සොයා ගන්නටද පුළුවන.

 වයිසෝ වෙබ් බ්‍රව්සරයේ බුක් මාර්ක් ටුල් බාර් එක තිබෙන්නේ වෙබ් බ්‍රව්සර් එකෙහි ඇති ටැබ්වලට ඉහළිනි.ඕනෑම ටැබ් එකක විවෘත වී තිබෙන පිටුවක් බුක්මාර්ක් එකක් බවට පත්කර ගන්නට අවශ්‍ය නම් කල යුත්තේ එම ටැබ් එක බුක්මාර්ක් ටුල්බාර් එක මතට ඇද දැමීම  පමණි.එනම් මෙහි තිබෙන්නේ  ඩයිනමික් ටැබ්ස්ය.
  මෙන්න පහලින් බ්‍රව්සර් එක ඩවුන්ලෝඩ් කර ගන්නකෝ.....
   Download Wyzo Browser

එහෙනම් අපි ඉතින් බ්‍රව්සර් එක පාවිච්චි කරලම බලන්නකෝ ගුණාත්මක භාවය.

  (මෙහි ඇති link click කිරීමේ දී ලැබෙන වෙබ් පිටුවේ තත්පර 5ක් රැඳී සිට දකුණු පස ඇති Skip Ad යන්න click කරන්න.)

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...