Monday, 10 June 2019

මොකක්ද මේ click farm එකක් කියන්නෙ | what is the click farm



හරි මේ වචනෙ මීට කලින් අහලවත් නැති අය ඇති.හැබැයි ලංකාවෙනුත් මෙහෙම click farm එකක් හොයාගත්ත.අන්න ඒ හින්ද ටිකක් විතර නම ඇහිලත් ඇති social media වලින්.හැබැයි එතන ඔයාල දැක්කෙ smartphone ගොඩක් විතරනෙ නේද.ඔන්න එහෙනම් විසතරේ..

Click farm එකක් මගින් කරන්නෙ මොනාද?ඕක තමා වැදගත්ම ප්‍රශ්නෙ.මෙහෙමයි හැම දෙයකම තියෙනව හොද පැත්තක් සහ නරක පැත්තක්.හොද පැත්ත ගැන මුලින් කියන්නම්.අපි හිතමු ඔයා අලුතෙන් youtube channel එකක් එහෙම නැත්නම් website එකක් හැදුව කියල.හැබැයි පටන් ගන්න දවසෙම ඕක ජනප්‍රිය වෙන්නෙ නෑ නෙ.ඒ කියන්නෙ කට්ටිය එන්නෙ නෑ නෙ.

හැබැයි මට පුලුවන් නං යම් කිසි ගානක් වියදම් කරන්න මට පුලුවන් දවසෙන් views ගන්න.එහෙම නැත්නම් මගෙ web site එකේ traffic වැඩි කරගන්න.click farm එකෙන් අපේ video බලනකොට නිකන්ම අපේ video trending up වෙනව.web site එකක් නම් traffic වැඩි වෙනව.මොකද click farm එකක් කියන්නෙ phones 15 000ක් 20 000 ක් විතර තියෙන පද්ධතියක්.ඇත්තටම මේක හොද දෙයක් මොකද මේක අයෝජනයක් නෙ.


නරක පැත්ත මොකක්ද.මේක තමා භයානකම දේ.අපි හිතමු මම වෙබ් අඩවියක් හෝ facebook page එකක් කරනව කියල.කාට හරි අවශ්‍යයි මගෙ web අඩවිය හෝ facebook page එක report කරන්න.එයා ඔය වැඩේ බාර දුන්නොත් click farm එකකට අවශ්‍ය වෙබ් අඩවියට හෝ facebook page එකට පැයක් දෙකක් ඇතුලත report 15 000ක් 20 000ක් වදිනව.ඉතින් එහෙම උන ගමන් අනිවාර්‍යෙන්ම අපේ web site එක හරි facebook page එක ban වෙනව.ඇත්තටම මේක සුලු පටු දෙයක් නෙමෙයි එහෙම බලනකොට.

මොකද මීට කලින් members ලක්ශෙකට වඩා හිටපු facebook page පවා report වෙලා ban වෙලා තිබුන.සාමජිකයෝ ලක්ශ ගානක් ඉන්න page එකක් report කරනව කියන්නෙ ලේසි දෙයක් නෙමේ.අන්න ඒ වගේ දේවල් වලට තමා මේ click farm භයානක වෙන්නෙ.

හරි ලංකාවේ click farm එක තිබ්බෙ ඇයි කියල ඔයාලට හිතාගන්න පුලුවන් නේද දැන්.පහලින් තියෙනවා click farm දෙක තුනක චායාරූප බලන්නකෝ..



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...