Sunday, 2 June 2019

E-money හොයන්න මොනාද ඕන ගුණාංග | what is the qualities you need to earn E-money




හරි මේ පාර වෙනස්ම පෝස්ට් එකක්.කලින් මං e-money ගැන පෝස්ට් වගයක් පල කරා.ඉතිං ගොඩක් අය කියන කතාව තමයි e-money කියන්නෙ හරි අමාරු වැඩක්.ලංකාව වගේ රටක නම් ඩේට වලට යන ගානත් එක්ක පාඩු වැඩක් කියල.


මෙහමයි e-money හොයන්න ඔයා උත්සාහ කරනව නං ඔයාට තියෙන්නෙ ඕන පලවෙනි ගුණාංගය තමා ඉවසීම කියන දේ.සමහර වෙලාවට අපිට හම්බෙන e-money සයිට් වලට මාස හයක් හතක් යනව පලවෙනි withdarw එක ගන්න.සමහර විට ඒකත් උපරිම රුපියල් දාහක් විතර වෙයි.හැබැයි ඉතින් අපි එහෙම කට්ට කාගෙන ඉවසල වැඩේට පරන වෙනකොට තමා සල්ලි එන්න ගන්නෙ.එහෙම නැතුව e-money කියල පිනට සල්ලි බෙදල දෙන දන්සල් කොහෙවත් නෑ.ඔයාල මහන්සි වෙන හැටියට තමා ඔයාලගෙ ආදායම රදා පවතින්නෙ.

දෙවෙනියට ඕන ගුනාංගය තමා ඔයාල නිර්මාණාත්මක වෙන්න ඕන.ඒ කියන්නෙ අලුත් දෙයක් හිතන්න ඔයාලට පුලුවන් වෙන්න ඕනෙ.මෙහෙම උදාහරණයක් ගමු.
e-money කරද්දි ගොඩක් අයට කරන්න වෙලා ඇති තමන්ගෙ රිෆරල් ලින්ක් යාලුවන්ට දීල ඒකෙන් අදාල ඇප් එක දාගන්න එහෙම නැත්නම් මොනාහරි ලියාපදිංචි වෙන්න කියන්න.ඔය වැඩේ හරි ලේසියෙන් කරන අය ඉන්නව.අන්න එයාල තමා නිර්මාණාත්මක මිනිස්සු.මොකද අපි අපේ යාලුවට කියන දෙයින් එයාට හිතෙන්න ඕන මමත් මේක ට්‍රයි කරල බලන්න ඕන කියල.ඔයාලට එහෙම දේවල් කරන්න පුලුවන් නම් ඔයාලට ගොඩක් ඉස්සරහට යන්න පුලුවන් e-money හරහා.

තුන්වෙනි කාරනේ තමා ඔයාලට හොද ඉවක් තියෙන්න ඕනා..ඒ මොකක්ද ඒ.මෙහෙමයි e-money කියපුහම ලෝකෙ ඕන තරම් බොරු සයිට්, ඇප්ස් තියෙනවා.එතකොට ඔයාලට යම්කිසි දැනුමක් තියෙන්න ඕන මේක නං fake site එකක් කියල තේරුම බේරුම් කර ගන්න.එහෙම නැත්තං වෙන්න බොරු දේවල් වලට ඔයාගෙ කාලය ශ්‍රමය නාස්ති වෙන එක.

හතරවෙනි කාරනාව තමයි ඉයාලට ආයෝජනය කරන්න යම් මුදලක් තියෙන්න ඕන.මේක නං අත්‍යවශ්‍යමයි කියල කියන්නෙ නෑ.හැබැයි එහෙම පුලුවන් නම් හොදයි.මොකද කීයක් හරි අතේ තියන් වැඩක් පටං ගන්න පුලුවන් නම් හොදයි.මේ කාරනාවේ වටිනකම හොදටම දන්නවා iq option, binance , btc mining වගේ කරන කට්ටිය.

ඔන්න ඔය වගේ ගුනාංග ටිකක් ඔයාල ගාව තියෙනව නං සාර්තක e-money earner කෙනෙක් වෙන්න පුලුවන්.
එහෙනං ඊලග පෝස්ට් එකෙන් හම්බෙමු ජයවේවා.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...