Tuesday 11 June 2019

Huawei සදහා facebook ban ද..


ඔන්න huawei ජංගම දුරකතන භාවිතා කරන අයට උදව්වක් තමා මේ කරන්න යන්නෙ.මොකද මේ වෙද්දි හුවාවී ගැන එක එක මිනිස්සු එක එක දේවල් කියන්න අරං.
හුවාවී වලට අකමැති අය මේ ප්‍රවෘත්තිය අරං යන්නෙ හුවාවී දුරකතන සදහ facebook තහනම් කියලයි.වගකීමෙන් කියනව එහෙම දෙයක් නෑ.


ඔයාල කිසි දේකට බය වෙන්න අවශ්‍යතාවයක් නෑ.
මේකේදී වෙලා තියෙන දේ තමා fb app එක ඉස්සර හුවාවී ෆෝන් එකේ install කරලමයි එන්නෙ.හැබැයි දැන් එන හුවාවි ෆෝන් සදහා ඔය වැඩේ වෙන්නෙ නෑ.ඒක ප්‍රශ්නයක් නෙමේ ඇත්තටම.මොකද ෆෝන් එක මිලදී ගත්තට පස්සෙ ඔයාලට fb app එක වෙනම download කරල install කරගන්න පුලුවන්.

අපි ගොඩක් app එහෙම download කරල install කරගන්න ඒවනෙ තියෙන්නෙ.හරි එතකොට ඔයාලට එන අනිත් ප්‍රශ්නෙ තමා හුවාවී ෆෝන් එකට ඇප් ගන්නෙ කොහෙන්ද කියන එක.මොකද google සමාගමෙන් android මෙහෙයුම් පද්ධතිය හුවාවිලට ලබා නොදීමට තීරනය කරා.

මේකට ලොකුම හේතුව තමයි හුවාවී සමාගම විශාල පාරිභෝගිකයන් ගානක් හදාගත්ත එක.තව දුරටත් පාරිභෝගිකයන් වැඩි වෙන එක වලක්වන්න පුලුවන් මේ වැඩෙන්.මගේ අදහස නං හුවාවි කියන්නෙ විශාල ආයතනයක්.එයාල android දුන්නෙ නැහැයි කියල එයාලගෙ වැඩ නවත්තන්නෙ නෑ.එයාලගෙ os එකකින් එයාල ඉස්සරහට එයි.හුවාවී භාවිතා කරන අය බය නැතුව භාවිතා කරන්න.සමහර විට තිබ්බටත් වඩා හොද විදිහට හුවාවි ආයතනයෙන් සේවා සපයයි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...