Friday 14 June 2019

Huawei අලුත්ම os එකක් එක්ක.| Huawei introducing their new os



ඔන්න හුවාවී භාවිතා කරන අයට හොද ප්‍රවෘත්තියක් තමයෙ මේ.Android මෙහෙයුම් පද්ධතිය huawei phone සදහා ලබාදීමේ ගිවිසුම නවත්වනවා කියල පසුගිය මාසේ google සමාගමෙන් දැනුම් දීල තිබ්බ.කොහොම උනත් කලින්  පෝස්ට් වලින් මං සදහන් කරේ හුවාවිලා අලුත්ම එයාලගෙම os එකක් හදුන්වලා දෙනව.


ඔන්න මේ ඔක්තෝබර් වෙද්දි අලුත් os එක හදුන්වලා දෙන්න යනව.මේකෙ නම HongMeng os එහෙම නැත්නම් Ark os..
අර මුල්ම නම චීනය තුල භාවිතා කරන නම.දෙවෙනි නම තමා ලෝකය පුරා ප්‍රවර්ධනය කරන නම.මේකෙ ලොකූ විස්තරයක් තාමත් නං නිදහස් කරල නෑ.

ඒ කෙසේ වෙතත් මේ os එක oppo සහ vivo phones සදහා අත්හදා බලලා තියෙනව.ඒකෙදි අනාවරනය වෙලා තියෙනවා Android මෙහෙයුම් පද්ධතියට වඩා මේක 160% වේගවත් කියලා.හැබැයි එහෙම උනොත් මේ os එකෙන් Android වලට ලොකූ තරගයක් නිර්මානය කරාවි.

ප්‍රශ්නෙ තියෙන්නෙ පරන හුවාවී ෆෝන් සදහා මේ මෙහෙයුම් පද්ධතිය ලබා දෙයිද කියන කාරනේ.දුන්නත් වෙනම os එක ලබාගෙන manually install කිරීමක් විදිහට තමා කරන්න වෙන්නෙ.ලෝකයේ දෙවෙනියට වැඩිම ජංගම දුරකතන පාරිභෝගිකයන් සංඛ්‍යාවක් ඉන්නෙ හුවාවි ලට.ඒක නිසා පරන අයටත් අනිවාර්‍යෙන්ම විසදුමක් දෙයි කියල බලාපොරොත්තු වෙමු.



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...