Saturday 15 June 2019

ඔබේ ජංගම දුරකතනයේ software update කිරීමෙ වැදගත්කම මොකක්ද?


ගොඩක් අයට ඇති මේ ප්‍රශ්නය.සමහර phone සදහා මාසෙන් මාසෙට update එනව.ඒකත් සමහර විට ඉතා විශාල updates.කොහොමත් ඕව download කරල install කරන්න තියෙන කම්මැලි කම නිසා ගොඩක් අය මේ software updates කරන්නෙ නෑ.software update නොකිරීම ලොකු වැරැද්දක්.


පරීක්ශනයක් මගින් අනාවරණය වෙලා තියෙනවා android භාවිතා කරන අයගෙන් 98% ක් software update කරන්නෙ නැති බව.ඒ වගේම apple එහෙම නැත්නම් ios භාවිතා කරන අය 35% ක් software update කරන්නෙ නැති බව.

ඔයත් අනිවාර්‍යෙන්ම අර උඩ සදහන් කරපු software update නොකරපු එක්කෙනෙක් වෙන්න ඇති ගොඩක් දුරට.software update එකක් ලබාදීමෙන් බලාපොරොත්තු වෙන්නෙ දුරකතනයේ මෘදුකාංග වල ගුනාත්මක භාවය ඉහල නැංවීම හා ආරක්ශාව වැඩි කිරීම.ඕකෙන් වැදගත්ම කාරනය තමා ආරක්ශාව කියන එක.මොකද ගොඩක් hack වීම් වලට ලක් වෙන්නෙ software update නොකල ජංගම දුරකතන.මොකද ඔයා software update සිදු කරල නැත්නම් ඔයාගේ දුරකතනයේ තියෙන්නෙ පරන software නම් ඔයාගෙ දුරකතනය හැක් කිරීම පහසු කාර්යක්.

අනිත් වැදගත් කාරනේ තමා ඔය සමහර ඇප් භාවිතා කරද්දි අපිට error මැසේජ් එනව.ඉතින් ඒ bugs fix කරන එක වෙන්නෙත් මේ software update තුලින්.ඒ වගේම software update දුන්නම බොහෝ දුරට ඔයාගෙ ෆෝන් එකේ වේගය ටිකක් වැඩි වෙයි.මොකද දුරකතන නිශ්පාදන ආයතන අලුත් update එවන එකෙන් එයාලගෙ දුරකතනයේ වේගය වැඩි කරන්න බොහෝ දේවල් කරනව.දැනට ඔයාගෙ phone එක slow නම් update කිරීම බොහෝ දුරට ඒකට විසදුමක් වේවි.

හොදයි ඔන්න ඔය වගේ දේවල්නිසා තමා software update ආපු ගමන් දෙන්න කියන්නෙ.එහෙනම් ඊලග පෝස්ට් එකෙන් හම්බෙමු ජයවේවා.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...