මුලින්ම කියන්න ඕනේ ලැබුවාවූ 2015වසර ඔබ සියලු දෙනාටම සුබ නව වසරක් වේවා! කියල.
පරිගණක තියෙන අපි හැමෝම ජීවිතේට එක පාරක් හරි මොනවා හරි දෙයක් Download කරලා ඇති.ඒ දේ ගේම් එකක්,වීඩියෝ එකක්,ෆිල්ම් එකක් වෙන්න ඇති.එහෙම Download කරද්දී ඔයාලගේ Download ස්පීඩ් එක වැඩි කරගන්න ඔයාලා බොහෝ විට මොකක් හරි Download Manager සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරන්නට ඇති.
ලෝකයේ බොහෝ දෙනා භාවිතා කරන Download Manager එක තමයි IDM(Internet Download Manager)කියලා කියන්නේ.එත් ඉතින් ඒ සොෆ්ට්වෙයාර් එක සල්ලි දීලා ගන්න ඕන සොෆ්ට්වෙයාර් එකක් නේ.ලංකාවේ අපි නම් බොහෝ දුරට සල්ලි දීලා සොෆ්ට්වෙයාර් එකක් මිලදී ගන්න පෙලබවෙන්නනේ නෑ.
එත් ඉතින් අන්තර්ජාලයෙන් විවිධ දේ Download කරද්දී අපිට හොද Download Manager එකක් අත්‍යවශ්‍ය වෙනවා.බොහෝ දෙනා කියන්නේ IDM Trial Version එක පාවිච්චි කරන්න කියලනේ.එත් IDM හි Trial කාලය දින 30කින් අවසාන වනවා.ඉන් පසුව ඔබ IDM වෙනුවට යොදාගත හැකි සොෆ්ට්වෙයාර් එකක් ගැන සොයාබලන්නට ඇති.එත් ඔයාලට හරි හමන් සොෆ්ට්වෙයාර් එකක් හම්බුනේ නෑ නේද?
මම අද පිළිතුරු අරගෙන ආවේ ඒ ප්‍රශ්නයට පිළිතුරයි.මේ සොෆ්ට්වෙයාර් එක IDM තරමටම දියුණු කරලා තියෙනවා.ඊට වඩා දියුණු කරලා තියෙනවා කියල කියන්න පුළුවන්.මොකද කියනවා නම් මෙම Download Manager සොෆ්ට්වෙයාර් එකට Torrent ෆයිල්ස් Download කිරීමේ හැකියාවද පවතිනවා.ඒ වගේමYou Tube වීඩියෝ ඩවුන්ලෝඩරයක්ද ලබා දී තිබෙනවා.පහත චායාරුපයෙන් ඔයාලට ඒ ගැන බලාගන්නට පුළුවන්.
දැක්කනේ ඔයාලට තියෙන්නේ ඔයාලට Download කරගන්න ඕන වීඩියෝ එකේ ලින්ක් එක Copy කර Create Flash Video Download කියන ටැබ් එකෙහි Paste කිරීම පමණයි.ඉන් පසු ඔබට අධිවේගයෙන් වීඩියෝව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
පහලින් ඔයාලට බලාගන්න පුළුවන් Download Tab එකෙහි ස්වරුපය.
බොහෝ දුරට මෙම Download Manager එක IDMට සමාන බව ඔයාලට පේනවනේ.ඒ වගේම හොද ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් මෙම සොෆ්ට්වෙයාර් එක හරහා ලබාගන්න පුළුවන්.පහලින් තියෙන්නේ මේ FDMහි Interface එක
ඒ වගේම ඔයාලගේ බ්‍රව්සරයට සරිලන පරිදි FDM Extension ද සකසා තිබෙනවා.ඉතින් ඔයාලත් මේ Download Manager එක භාවිතා කරලම බලන්නකෝ............
No comments:
Post a Comment