Friday, 2 January 2015

පරිගණකයට ඩ්‍රයිවර්ස් දෑ ගැනීම ගැටලුවක්ද?

 ගොඩක් දෙනෙක්ට ගැටළුවක් මතු වෙනවා තමන්ගේ පරිගණකයට ඩ්‍රයිවර්ස් සොයාගැනීම.ඔයාල පරිගණකයට වින්ඩොව්ස් ගැහුවහම වැනි අවස්ථා වලදී ඔයාලගේ පරිගණකයේ ඩ්‍රයිවර්ස් ඩිලීට් වෙනවනේ.හැබැයි සමහර අය කියනවා මගේ පරිගණකයට නම් වින්ඩොව්ස් ගැහුවට පස්සෙත් එයාලා ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරන්නේ නැතුවත් Game එහෙම
සුපිරියට වැඩ කියලා.ඔයාල සමහර විට එවැනි දෙයක් අහලා පුදුම වෙන්නත් ඇති.එහෙම වෙන්නේ ඩ්‍රයිවර්ස් Backup කරලා තිබුනොත් පමණයි.
මේ පොස්ටුව එහෙම කරලා නැති,පරිගණකයට ඩ්‍රයිවර්ස් සොයා ගැනීමට අපහසු කට්ටියටයි.ඩ්‍රයිවර්ස් කිව්වහම අපිට විවිධ අකාරයේ ඩ්‍රයිවර්ස් අවශ්‍ය වෙනවා.මවු පුවරුවේ සිටම මෙම ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කර තිබීම අවශ්‍ය වෙනවා.ඔයාලගේ VGA එකට,Sound Card එක වැනි භාහිරව යොදන Hardware සදහාත් අපිට ඩ්‍රයිවර්ස් අවශ්‍ය වෙනවා.වර්තමානයේ මේ ඩ්‍රයිවර්ස් සොයා ගැනීම හරිම අපහසු කාර්යක් වෙලා තිබෙනවා.බොහෝ Drivers Downloader සොෆ්ට්වෙයාර්ස් අපි ලබා ගත යුත්තේ මුදල් ගෙවලා.එම නිසා බොහෝ දෙනා ඩ්‍රයිවර්ස් CD මිලදී ගැනීමට පෙලබිලා ඉන්නවා.එවැනි CD තැටියක් රුපියල් 250ක් වැනි මුදලක් වෙනවා.





එම නිසා මම අද ඔයාලට දෙන්න යන්නේ සම්පුර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන Drivers Downloader සොෆ්ට්වෙයාර් එකක්.මෙම සොෆ්ට්වෙයාර් එක මගින් ඔයාලගේ පරිගනකයේ නොමැති ඩ්‍රයිවර්ස් සොයල ඒවා ඩවුන්ලෝඩ් කර ගැනීමේ පහසුකම් ලබාදෙනවා.සොෆ්ට්වෙයාර් එක 3.1MB විතරයි.ඕනෑම වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතියක වැඩ කරනවා.
 



2 comments:

  1. මේ මගුල virus එකක් බං

    ReplyDelete
    Replies
    1. නෑ නෑ....ඒක ගැන බය වෙන්න එපා....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...