මෙම චිත්රපටය ලොව පුරා බොහෝ ස්ථාන වල ප්රදර්ශනය කරනු ලැබූ චිත්රපටයක්.මෙම චිත්රපටය අයිති වෙන්නේ Action හා Thriller යන කාණ්ඩ වලටයි.මෙම චිත්රපටය අධ්යක්ෂණය කරලා තියෙන්නේ Adam Wingard විසිනුයි.ඒ වගේම Dan Stevens,Maika Monroe,Brendan Meyer සහ Lance reddick යන නළු නිලියන් මෙම චිත්රපටයට රංගනයෙන් දායක වෙනවා.
කතාවගැන කියනවනම්,
පීටර්සන් පවුලේ පුතෙක් වන ක්ලෙබ් ඇෆ්ගනිස්තාන යුද්දෙදී මියයනවා.ක්ලෙබ් මෙම පීටර්සන් පාවුලේ වැඩිමහල්ම දරුවා.ඔහුගේ පවුලේ ඉන්නේ දෙමවුපියන්ට අමතරව නංගී කෙනෙක් හා මල්ලි කෙනෙක්.මේ අතර නිසිතූ විදිහට ඔවුන් සිටින ගෙදරට ඩේවිඩ් කොලින්ස් නැමැත්තෙක් පැමිණෙනවා ක්ලේබ්ගේ මිත්රයෙක් යැයි පවසමින්.ඒ වගේම ඔහු පැමිණියේ ක්ලේබ්ට වූ පොරොන්දුවක් ඉස්ෂ්ට කිරීමට බවත් පවසනවා.ඒ වෙන මොකවත් නෙමෙයි ඔහුගේ පවුල ගැන බලාගන්න බවට වූ පොරොන්දුවක්.ඩේවිඩ් ඔවුන් වෙත පවසන්නේ ඔහු යුද්දයේදී තුවාල වී හමුදා රෝහලක ටික දවසක් සිටීමෙන් අනතුරුව ඔහුව සේවයෙන් ඉවත් කල බවයි.ඒ ඔහුගේ ශාරීරික තුවාල වීම් හේතු කොට ගෙන.ඔහු ක්ලේබ්ගේ මෙත්රයෙකු බව පීටර්සන් මහත්මියගේ ගෙදර තිබෙන චායාරූපයකින් තහවුරු කරනවා.ඩේවිඩ් කියන්නේ ආචාරශීලී වගේම යහපත් මිත්රශීලී කෙනෙක් වන හෙයින් පීටර්සන් මහත්මිය ඔහුට කැමති කාලයක් ඔවුන් සමග නවාතැන් ගන්නා මෙන් පවසනවා.ක්ලේබ්ගේ මල්ලි ලූක්.ඔහුව පාසලේ සිදුවෙන කරදරේකින් ඩේවිඩ් ඔහුව බේරාගන්නවා.පීටර්සන් පවුලේ අයට උදවු වෙමින් ඩේවිඩ් ඔහොම කල් ගෙවනවා.අන්තිමේදී ක්ලේබ්ගේ නංගි වන ඇනාට දැනගන්නට ලැබෙනවා ඩේවිඩ් කොලින්ස් යුද්ධෙදී මිය ගිය අයෙක් බව.ඇනා දැනගනිද්දී වෙන්න ඕන දේවල් වෙලා එවරයි.ඔතනින් තමයි ඔක්කොම කණපිට හැරෙන්නේ.ඇත්තටම මේ අමුත්තා කවුරුන්ද?ඩේවිඩ් අතින් කී දෙනෙක්ට වන්දි ගෙවීමට සිදුවේද?ඇත්තටම ඩේවිඩ් පැමිණියේ ක්ලෙබ් හට වූ පොරොන්දුව ඉෂ්ට කිරීමටද?කතාව ගැන කුතුහලය රදවමින් මම කතාව විස්තර කිරීම අවසන් කරනවා.
මෙම චිත්රපටය මිනිත්තු 99ක් පුරා ත්රාසය,භීතිය,කුතුහලය සමග දිවෙනවා.මේ චිත්රපටය IMDB ලබාගෙන ඇති ලකුණු ප්රමාණය 10න් 7ක්.මේ වගේ ලකුණු ප්රමාණයක් ලබාගන්න සුපිරි ෆිල්ම් එකක් වෙන්න ඕනේ.දැන් ඔයාලට තේරෙනවනේ මේ ෆිල්ම් එකේ ගුණාත්මක භාවය.
එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කර ගන්නකෝ......
(මෙහි ඇති link click කිරීමේ දී ලැබෙන වෙබ් පිටුවේ තත්පර 5ක් රැඳී සිට දකුණු පස ඇති Skip Ad යන්න click කරන්න.)
No comments:
Post a Comment